Search

වික්ටෝරියා ඉදිකිරීම් රැකියා සඳහා අනිවාර්ය කාන්තා ප්‍රතිශත ප්‍රකාශයට පත් කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව කාන්තාවන් සඳහා අනිවාර්යයෙන් හිමිවිය යුතු රැකියා ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ලබන වසරේ සිට නව නීති බලාත්මක වන අතර රජයේ ව්‍යාපෘති සඳහා වෙළඳ අංශයෙන් සියයට 03 ක් / වෙළඳ නොවන රැකියාවලින් සියයට 07 ක් සහ කළමණාකාරීත්ව – සුපරික්ෂක සහ විශේෂ කම්කරු රැකියාවලින් සියයට 35 ක් කාන්තාවන් විය යුතුයි.

ඩොලර් මිලියන 20 කට වැඩි වටිනාකමින් යුත් ව්‍යාපෘති සඳහායි මෙම රෙගුලාසි බලාත්මක වන්නේ.

ආධුනික සහ පුහුණුවන ශ්‍රමිකයන් අතුරින් සියයට 04 ක් කාන්තාවන් විය යුතු බවටද වික්ටෝරියා ප්‍රාන්තය විසින් නව නියමයක් පණවනු ලැබ තිබෙනවා.

ගතවු වසර 30 පුරා වික්ටෝරියා හි ඉදි කිරීම් රැකියාවලින් කාන්තා නියෝජනය සටහන් වී ඇත්තේ සියයට 03 කටත් අඩු අගයකයි.

ලබන ජනවාරි සිට නව නීති බලාත්මක වුවද වසර 02 ක් යනතුරු කිසිදු දඩ පැණවීමක් සිදුවන්නේ නැහැ.

එහෙත් 2024 වසරේ සිට මෙම නියමයන් කඩ කරන පාර්ශව වෙත දඩ පැණවෙනු ඇති.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »