ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සැකකරු ජනවාරි 24 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

මීට සති කිහිපයකට පෙර ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සිද්ධියේ සැකකරු ලබන ජනවාරි 24 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

සැකකාර 36 හැවිරිදි Terence Darrell Kelly වෙනුවෙන් කිසිදු ඇප අයදුම්පතක් ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.

සිය පවුලේ සාමාජිකයන් සමග කඳවුරු භූමියක සිටියදී ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමට ලක්වූයේ ඔක්තෝබර් 16 වනදා අලුයමයි.

නොවැම්බර් 03 වන දින අලුයම ඇය නිරුපද්‍රිතව සොයාගනු ලැබුවා.

https://www.9news.com.au/national/cleo-smith-accused-in-court-terence-darrell-kelly-to-face-court-over-alleged-abduction-western-australia/035b649f-f5b8-4540-b6f3-2b6c3993ea72

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »