
මෙවර අලු බඳුන තරගාවලියේ පස්වන හෙවත් අවසාන ටෙස්ට් තරගය පර්ත් නුවරදී පැවැත්වීම අත්හිටුවා තිබෙනවා.
ඒ වෙනුවට හෝබාට් නුවරදී එම තරගය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
පර්ත් නගරය අයත්වන බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ බලාත්මක නිරෝධායන රෙගුලාසි සහ ක්‍රිකට් තරගය පැවැත්වීම අතර පරස්පර කරුණු පැවතීම මීට හේතුවයි.

එංගලන්තය සදහ ඔස්ටේ්‍රලියාව අතර ටෙස්ට් තරග 05 කින් සමන්විත අලුබඳුන තරගාවලියේ පළමු තරගය ලබන බදාදා බ්‍රිස්බන් හිදී ආරම්භ වනවා.
දෙවන තරගය ලබන 16 වනදා ඇඩිලේඩ් හිදීත් 03 වන තරගය දෙසැම්බර් 26 වනදා මෙල්බන් හිදීත් 04 වන තරගය ජනවාරි 05 වනදා සිඩ්නි හිදීත් ආරම්භවීමට නියමිතයි.

05 වන තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ජනවාරි 14 වනදා පර්ත් හිදීයි.