Search

සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩස් මුම්බායි ගුවන්තොටුපොළේ දී රඳවා ගනී

සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දීය ගුවන්තොටුපොළකදී අකරතැබ්බයකට මුහුණදී තිබේ.

මේ වනවිට බොලිවුඩ් තිරයේ සුපිරි තාරකාවක් බවට පත්ව සිටින ජැකලීන් එම අකරතැබ්බයට මුහුණ දුන්නේ ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළේ දීය.

ඇය මේ වනවිට ඉන්දියාවේ ජීවත්වන අතර ඇය ඊයේ ඩුබායි බලා යෑමට ගුවන්තොටුපොළ ට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් විසින් ඇයව රඳවාගෙන තිබුණි.

ඒ එරට “බලාත්මක කිරීමේ ඒකකය” (Enforcement Directorate ) නිකුත්කර තිබූ නිවේදනයක් හේතුවෙනි.

පසුව ඇයව නිවෙසට යවා තිබුණි.

ඇයට එරෙහිව එම නිවේදනය නිකුත්කර ඇත්තේ “බලාත්මක කිරීමේ ඒකකය” විසින් සිදුකරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශ ලබාදීමට ඇය එහි නොයෑම හේතුවෙනි.

සුකේෂ් චන්ද්‍රශේකර් නමැති පුද්ගලයාට එරෙහිව ඉන්දීය පොලිසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් ඇය ගෙන් ප්‍රශ්න කර තිබේ.

එම පුද්ගලයාගෙන් විවධ දේ තෑගී වශයෙන් ඇයට ලැබී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුකේෂ් චන්ද්‍රශේකර් වංචාකාරයෙක් ලෙස ඉන්දීය බලධාරීන් විසින් සලකයි.

https://www.ndtv.com/india-news/actor-jacqueline-fernandez-stopped-at-mumbai-airport-from-leaving-india-over-rs-200-crore-extortion-case-2638223

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »