ලබන 13 වනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කෙරේ

ලබන 13 වනදා සිට සියලුම ප්‍රාන්තවල සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් ප්‍රාන්ත සීමා විවෘත කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ සියයට 80 ක එන්නත්කරණ ඉලක්කය අභිබවා යාමත් සමග එම තීරණය ගත් බවයි.

මේ අනුව ඕනෑම ප්‍රාන්තයක සිට අවධානම් ප්‍රදේශවල සිට පවා පූර්ණ එන්නත්කරණය ලබා ඇති ඕනෑම අයෙකුට ලබන 13 වනදා අලුයම 01 සිට බාධාවකින් තොරව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට පැමිණිය හැකි වනවා.

කිසියම් අයෙකු මාත්‍රා 02 ම ලබා නොමැති නම් ක්වීන්ස්ලන්ඩ් පැමිණීමෙන් පසු දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

ක්වීන්ස්ලන්ඩ් පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 සම්පූර්ණ කිරීමත් සමග ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ දිනය ලෙස සැළසුම් කර තිබුණේ දෙසැම්බර් 17 වනදායි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »