මාර්තුවෙන් පසු පළමුවරට විපක්ෂ නායක ඇල්බනීස් ගේ ජනප්‍රියත්වය ඉහළට

ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී කම්කරු පක්ෂයට ජය ගැනීමට හැකිවනු ඇති බවට නවතම සමීක්ෂණයක් හෙළි කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයෙන් පසු පළමු වරට අගමැති ස්කොට් මොරිසන් අභිබවා විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පෙරමුණට පැමිණ ඇති බවයි එහි දැක්වෙන්නේ.

The Australian පුවත්පත විසින් සිදුකල මෙම සමීක්ෂණයට සහභාගීවූවන් අතුරින් සියයට 47 ක් පවසා ඇත්තේ මීලග රජය කම්කරු පක්ෂය විසින් පිහිටුවනු ඇති බවයි.

දැනට පවතින සභාග රජය 04 වන වරටත් රජයක් පිහිටුවනු ඇති බවට මත පළ කර ඇත්තේ සියයට 37 ක් පමණි.

මීට සති 02 කට පමණ පෙර අගමැති මොරිසන් ජනප්‍රියත්වයෙන් ඉහළ ස්ථානයක පසුවුවද ගතවූ සතියේ සිදුවූ දේශපාලන හා ආර්ථික සිදුවීම් සැළකීමේදී විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ගේ ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

https://www.7news.com.au/politics/voters-tip-labor-to-win-election-newspoll-c-4826962

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »