කම්කරු පක්ෂ මැතිවරණ පොරොන්දුවට අගමැති මොරිසන්ගේ අප්‍රසාදය

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් ජයගතහොත් ලබාදෙන වරප්‍රසාද පිළිබඳ කම්කරු පක්ෂය දී ඇති පොරොන්දුවට අගමැති ස්කොට් මොරිසන් අප්‍රසාදය පළකරනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජය සමයේ සිටියදී ඔවුන් ඉටු නොකල ප්‍රතිපත්ති පිළිබඳ අද වනවිට විශ්වාසය තබන්නේ කෙසේද යන්නයි.

ලබන වසරේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් විශ්ව විද්‍යාල සහ TAFE සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 60,000 කින් ඉහළ දමන බවට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පොරොන්දු වනවා.

එමෙන්ම වසර 04 ක් පුරාවට TAFE සිසුන් ලක්ෂ 05 කට පමණ නොමිළයේ අධ්‍යාපන වරම් උදාකර දෙන බවටද ඔහු සහතික වී තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය රජය විසින් ආධුනික පුහුණු අවස්ථා සහ රැකියා කපා හැරි බවටයි අගමැති මොරිසන් චෝදනා කරන්නේ.

https://www.skynews.com.au/australia-news/politics/scott-morrison-responds-to-labors-preelection-pledge/video/1f85a2995af773193f26cdcb97f0322f

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »