කොවිඩ් ආසාධිතයෙකු හඳුනාගැනීමත් සමග නැවත දැනුම් දෙන තුරු ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට මහජනතාවට පැමිණිම තහනම් කර තිබෙනවා.
නොවැම්බර් 30 සහ දෙසැම්බර් 02 යන දින දෙක අතර කාලයේදී එම ආසාධිතයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ඇති බව සඳහන්.
Greens පක්ෂයේ නායක Adam Bandt සහ ඔහුගේ මන්ත්‍රීවරුන්ද මේ අනුව හුදකලා කර තිබෙනවා.
අදාළ ආසාධිතයා වෛරසය සහිතව සමාජයේ සැරිසරා ඇතිද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ACT සෞඛ්‍ය අංශ විසින් පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම කාලසීමාව තුළදී පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි කවරෙකු හෝ වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.