
ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ තම යැපෙන්නන්ට විදේශ මුදල් යවන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ජාවාරම්කරුවන් හරහා එම මුදල් එවන්නට පෙළඹෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඇතැම් තැරැව්කරුවන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ මුදල් එකතු කර ගනිමින් ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ රුපියල් මගින් ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගිණුම්වලට මුදල් වශයෙන් බැර කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී තමන්ගේ විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් එවීමට කටයුතු කරන ලෙසය.

ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,
මේ අතර විදේශ රැකියාවල නිරතවන ශ්‍රී ලාංකිකයින් නිල නොවන මාර්ග හරහා මුදල් එවීම හේතුවෙන් මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ පසුගිය මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300කින් පමණ පහත වැටී ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නීතිවිරෝධී අයුරින් සිදුවන එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.