ඡන්දය දින්නොත් TAFE සිසුන් ලක්ෂ 05 කට අධ්‍යාපනය නොමිලේ – කම්කරු පක්ෂයෙන් පොරොන්දුවක්

ලබන වසරේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් විශ්ව විද්‍යාල සහ TAFE සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 60,000 කින් ඉහළ දමන බවට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පොරොන්දු වනවා.

එමෙන්ම වසර 04 ක් පුරාවට TAFE සිසුන් ලක්ෂ 05 කට පමණ නොමිළයේ අධ්‍යාපන වරම් උදාකර දෙන බවටද ඔහු සහතික වී තිබෙනවා.

මෙම අධ්‍යාපන සැළසුම් වෙනුවෙන් කම්කරු පක්ෂය වෙන් කිරීමට අපේක්ෂා කරන මුදල ඩොලර් බිලියන 1.2 ක්.

කොවිඩ් වසංගත තත්වය හමුවේ බලපෑම් එල්ලවූ සංචාරක – ආගන්තුක සත්කාර සහ ඉදි කිරීම් ක්ෂේත්‍ර නගා සිටුවීමටද අමතර මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම කම්කරු පක්ෂයේ ප්‍රධාන යෝජනා අතර වනවා.

මීට අමතරව ආධුනිකයන් පුහුණු වැඩපිළිවෙල ගණනාවක් ආරම්භ කිරීමටද එළඹෙන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මුදල් වෙන් කරන බවද ඇන්තනී ඇල්බනීස් සඳහන් කර සිටිනවා.

https://www.abc.net.au/news/2021-12-04/labor-gets-election-ready-with-a-1-2-billion-promise/100674976

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »