ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් – මනූෂ ට පහර දෙන්නත් යයි

සමගි ජන බලවේගය පක්ෂයේ  ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට ධීවර රාජ්‍ය අමාත්‍ය  කාංචන විජේසේකර  පාර්ලිමේන්තු සංකීර්ණයේ  විපක්ෂ නායක කාර්යාලය අසලදී  අද දහවල් පහරදීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ.

මේ අවස්ථාවේදී  එහි සිටි  ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්  එම පහරදීමේ උත්සාහය වලක්වා ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල පැවසීය.

මනුෂ නානායක්කාර මහතා මැතිසබයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහර දීමේ උත්සාහය  සිදුවී  ඇතැයි කියති.

මේ අවස්ථාවේදී  ස්ථානයට වේත්‍රධාරිවරයා සහ  පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන්ද පැමිණ ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන්  කතානායකවරයාට පැමිණිලි කර සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවද  කිරිඇල්ල මහතා සඳහන් කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට  ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පහරදීමට උත්සහ  දරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ  මන්ත්‍රීවරු  පාර්ලිමේන්තු සභාගැබින් පස්වරුවේ  පිටව ගියහ.

එහෙත් විපක්ෂය  නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තබා ගැනීම් දිගටම රැඳී සිටිනු දක්නට ලැබිණ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙසේ සභා ගැබෙන් පිටව ගියේ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »