පැය කිහිපයක් අඩාල වී තිබූ නිවු සවුත් වේල්ස් ඔන්ලයින් ඡන්ද ප්රකාශ පද්ධතිය නැවත යථා තත්වයට පත් කර තිබෙනවා.
ප්රාන්තයේ පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම අද දිනයේදී ක්රියාත්මකයි.
ඔන්ලයින් ක්රමයට ඡන්දය ප්රකාශ කිරීමට බලා සිටි බොහෝ පිරිසක් එකවර පද්ධතියට පිවිසීමත් සමග එය අක්රීයව පැවතියා.
කෙසේවෙතත් පස්වරු 06 වනවිට ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි පුද්ගලයන් සඳහා දඩ අයකිරීමක් සිදු නොවන බව නිවු සවුත් වේල්ස් මැතිවරණ කොමිසම සඳහන් කලේය.
ප්රමාණවත් හේතුවක් නොමැතිව ඡන්දය ප්රකාශ නොකරන අයගෙන් නිවු සවුත් වේල්ස් ප්රාන්තයේදී අය කෙරෙන දඩ මුදල ඩොලර් 55 කි.
දින 28 ක් තුළ එය නොගෙවන්නේ නම් තවත් ඩොලර් 65 ක දඩයක් අය කෙරේ.
PIC – AAP