ඔමික්‍රොන් අවධානම පැවතියත් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා වැසීමක් නෑ

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදයේ අවධානම පැවතියද ප්‍රාන්ත සීමා වසා නොදැමීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

වාර්තා පළවී තිබුණේ වෛරස ප්‍රභේදය ප්‍රාන්තයට ඇතුලුවීම වළක්වා ගැනීම සඳහා ප්‍රාන්ත සීමා වසා දැමීමට මෙහිදී තීන්දුවක් ගැනෙනු ඇති බවයි.

එහෙත් වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ACT යන ප්‍රාන්තවලින් පැමිණෙන පුද්ගලයන් දැඩි පරීක්ෂා කිරීමකට ලක් කිරීමක් හැර ප්‍රාන්ත සීමා වසා දැමීමක් සිදු නොකරන බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් පැවසුවේ.

ඒ අනුව බාධාවකින් තොරව නත්තල් උත්සවය සැමරීමට හැකිවනු ඇතැයිද ඔහු සඳහන් කලා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ වනවිට ඔමික්‍රොන් ආසාධිතයන් 11 ක් වාර්තාවීමත් සමග ඊට යාබද දකුණු ඔස්ටේ්‍රලියාවද අවධානම් තත්වයක සිටින බවටයි සෞඛ්‍ය විශේෂඥයන් මත පළ කලේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »