වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක සිට දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණෙන අයට නව රෙගුලාසි

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය හේතුවෙන් දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් නව රෙගුලාසි 02 ක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT සිට පැමිණෙන පුද්ගලයන් වහා කොවිඩ් පරීක්ෂණයකට ලක් කෙරෙනු ඇති.

සෘණාත්මක ප්‍රථීඵලයක් ලැබෙන තුරු ඔවුන් හුදකලාව සිටිය යුතු වනවා.

ප්‍රාන්තයට පැමිණීමට පැය 72 කට පෙර සිදුකල යුතු පී සී ආර් පරීක්ෂණයද එලෙසින්ම සිදුකල යුතු බවයි දකුණු ඔස්ටේ්‍රලියා අගමැති ස්ටීවන් මාර්ෂල් නිවේදනය කර සිටියේ.

එමෙන්ම දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණ 06 වන දිනයේදී යළිත් පී සී ආර් පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි.

දැනට ඔස්ටේ්‍රලියාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිතයන් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 11 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද එක් අයෙකු northern territory කලාපයෙන්ද හඳුනා ගැණුනා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »