මෙල්බන් නාගරික කලාපයේ අශ්ව රථ තහනම් කිරීමේ යෝජනාවක්

මෙල්බන් නාගරික කලාපයේ (CBD) අශ්ව රථ තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Flinders Street, Spring Street, La Trobe Street & Spencer Street යන සීමාවෙහි එම රථ ධාවනය කරවීම අත්හිටුවීමටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් වන්නේ.

කෙසේවෙතත් මෙම සීමාවෙන් බැහැර කලාපය තුළදී කලින් වෙන් කරන ලද මගීන් වෙනුවෙන් අශ්ව ධාවන රථ තවදුරටත් ක්‍රියාත්මක කල හැකි වනවා.

මේ අතර මෙම තීරණය පිළිගත නොහැකි බව මෙල්බන් අශ්ව ධාවන ක්‍රියාකරුවන් පවසනවා.

තම මතය ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ලබාදී නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසන්නේ සත්ව ආරක්ෂණය සහ මාර්ග ආරක්ෂාව සළකා මෙම තීරණය ගත් බවයි.

https://www.9news.com.au/national/horse-and-carriage-operators-could-be-banned-in-melbourne-cbd-under-state-government-proposal/1da39332-60f3-4450-9744-9b439dbade5d

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »