Search

පකිස්ථානයේ කම්හලක කළමණාකාර ලාංකිකයාට පහරදී ඝාතනය කර ගිණි තබයි

පකිස්ථානයේ, සියල්කොට් හි පිහිටි කර්මාන්ත ශාලාවක කළමණාකාරවරයෙකු ලෙස සේවය කල ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේම සේවකයින් පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා.

අද දහවල් මෙම සිදුවීම සිදුවී ඇත.

පසුව එම සේවකයින් විසින් අදාළ ලාංකිකයාගේ සිරුරට ගිණි තබා ඇති බවයි පකිස්ථාන මාධ්‍ය වාර්තා කලේ.

පසුව හටගත් නොසන්සුන්තාවය පාලනයට පකිස්ථාන ආරක්ෂක අංශද කැඳවා තිබූ බව සඳහන්.

මෙම ලාංකිකයාට පහරදී ඝාතනය කිරිමට හේතුව මෙතෙක්‌ නිශ්චිතව හෙළි වී නැහැ.