Search

දිවයින පුරා විදුලිය බිඳ වැටීම යථා තත්වයට පත් කිරීමට තවත් පැය 03 ක්

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ ඊට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවය.

දැනට දිවයින පුරා ක්‍රියාත්මක විදුලිය බිඳ වැටීම මුලුමණින්ම යථා තත්වයට පත් කිරීමට අවම වශයෙන් තවත් පැය 03 ක පමණ කාලයක් ගතවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර මීට දින කිහිපයකට පෙර ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා විය.

ඊට හේතු වී තිබුණේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳ වැටීමකි.

මේ අතර විදුලි ඉංජිනේරුවන් පසුගියදා පැවසුවේ ඔවුන් සවස 4.15න් පසුව සිදුවන විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »