Northern Territory පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

HOSPITAL AMBULANCE

Northern Territory හි පළමු කොවිඩ් ආසාධිත මරණය අද වාර්තා වී තිබෙනවා.

70 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවක මෙලෙස මියගොස් ඇති බවයි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් නිවේදනය කලේ.

ස්වදේශික ජන කොට්ඨාශයක් නියෝජනය කරන ඇය එන්නත්කරණයට ලක්වී නොමැති බවද සඳහන්.

මෑතකාලීනව කොවිඩ් ආසාධිතයන් බහුලව හමුවීමත් සමග ලොක්ඩවුන් කෙරුණු කැතරින් ප්‍රදේශය ආශ්‍රිතවයි මෙම කාන්තාව වාසය කර ඇත්තේ.

මෙම කාන්තාවගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ආරම්භ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »