
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පළමු සමාජ සම්ප්‍රේෂණ ඔමික්‍රොන් වෛරස් ආසාධිතයා අද දිනයේදී හඳුනාගෙන තිබෙනවා.
මෑතකදී කිසිදු විදේශ සංචාරයක නිරත නොවූ සිසුවෙකු මෙලෙස වාර්තා වී ඇති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියාසිටියේ.
අදාළ සිසුවා බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර මේ වනවිට ඔහුගේ ආශ්‍රිතයන් සොයා පුලුල් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (02) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 337 ක් වාර්තා වි තිබෙනවා.
දැනට 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 25 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටීනවා.
