ලිංගික චෝදනා එල්ලවූ ඔස්ටේ්‍රලියා අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

තමාට එරෙහි චෝදනා විභාගය අවසන් වන තෙක් ධුරයෙන් ඉල්ලා අස්වී සිටීමට ඔස්ටේ්‍රලියා අධ්‍යාපන අමාත්‍ය Alan Tudge තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ අගමැති ස්කොට් මොරිසන් ලබාදුන් උපදෙසකට අනුවයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ හිටපු උපදේශිකාව Rachelle Miller විසින් එල්ල කර ඇති ලිංගික චෝදනාවක් මෙම පරීක්ෂණයට හේතුවී තිබෙනවා.

තමා Rachelle Miller හට අයුතු ලෙස සලකන ලද යයි ඇය විසින් කරන ලද ප්‍රකාශ අමාත්‍ය Alan Tudge විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Rachelle Miller විසින් කරන ලද ප්‍රකාශවල බරපතලකම සැලකිල්ලට ගෙන මෙම සිද්ධි සාධාරණව හා කඩිනමින් විසඳා ගැනීම වැදගත් වන බව අගමැති මොරිසන් පවසනවා.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »