Search

එන්නත එපා කියූ බටහිර ඔස්ටේ්‍රලියා සේවකයන් 40,000 කට රැකියා අහිමිවන ළකුණු

කොවිඩ් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කල බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සේවකයන් 40,000 කට පමණ රැකියා අහිමිවීමේ අවධානමක් උද්ගත වී තිබෙනවා.

ඊයේ ප්‍රකාශයට පත්වූ නවතම වාර්තාවක දැක්වෙන්නේ ප්‍රාන්තයේ ශ්‍රම බලකායෙන් සියයට 05 ක් පමණ මෙතෙක් කොවිඩ් එන්නත ගැනීමට තීරණය කර නොමැති බවයි.

එයින්ද සියයට 3.7 ක් පවසා ඇත්තේ තමන් කිසිදු අවස්ථාවක එන්නත නොගන්නා බවයි.

දැනට එන්නත අනිවාර්ය කර ඇති ක්ෂේත්‍ර රැසක සේවක සේවිකාවන මේ අතර වන බැවින් ඔවුන්ට රැකියා අහිමිවීමේ අවධානමක් උද්ගත වී තිබෙනවා.

බටහිර ඔස්ටේ්‍රලියාවේ පතල් සේවකයන් – පොලිසිය – ප්‍රජා සේවකයන් ඇතුලු ක්ෂේත්‍ර රැසක සේවකයන්ට දෙසැම්බර් 01 වනදා වනවිට පළමු එන්නතද 31 වනදා වනවිට මාත්‍රා 02 මද ලබාගෙන සිටීම අනිවාර්ය කෙරුණා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »