වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවයේ සේවකයන් 1100 කට වැඩි පිරිසක් රාජකාරි අතරතුර විවිධ හිංසනවලට ලක්වන බව නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.
ලිංගික හිංසන – කොන් කිරීම් ඇතුලු විවිධ පීඩා කිරීම්වලට ලක්වීමට ඔවුන්ට සිදුව ඇති බවයි ඊයේ නිකුත් වු මෙම වාර්තාවේ සඳහන් වන්නේ.
ගිලන් රථ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 2163 දෙනෙකු යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ සියයට 52 ක් විවිධ කොන් කිරීම්වලට ලක්ව ඇති බවයි.
සියයට 47 ක් වෙනස්කම්වලට ලක්ව ඇතැයිද සියයට 17 ක් ලිංගික හිංසනයන්ට ලක්ව ඇතැයිද මෙහිදී හෙළිදරව් වී තිබෙනවා.
පිටු 1000 කට අධික වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි මෙම වාර්තාව සකස් කර තිබුණේ.