ඔමික්‍රොන් නිසා ඔස්ටේ්‍රලියාව නැවතත් ලොක්ඩවුන් කරන්නේ නෑ – අගමැති මොරිසන්

සැළසුම් කර ඇති නියමිත දිනවලටම ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලෙස අගමැති ස්කොට් මොරිසන් සියලුම ප්‍රාන්ත අගමැතිවරුන් වෙත දන්වා තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ පැවති ජාතික කැබිනට් මණ්ඩල හමුවේදීයි.

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයට මුහුණදෙන ආකාරය පිළිබඳවයි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.

කිසිදු බාධාවකින් තොරව නත්තල් උත්සවය සැමරීමට ගත යුතු පියවර පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ප්‍රධාන වෛද්‍ය නිළධාරී පෝල් කෙලී ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇත්තේ නව ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීමට තවත් සති 02 ක් පමණ ගතවිය හැකි බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදය හමුවේ ඔස්ටේ්‍රලියාව නැවතත් කිසිදු ආකාරයකින් ලොක්ඩවුන් කිරීමක් නොකරන බවද අගමැති මොරිසන් මෙහිදී අවධාරණය කර තිබෙනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/state-leaders-urged-to-stick-to-reopening-plans-for-christmas-despite-omicron-cases-c-4762319

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »