ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 918 ක් හමුව ඇත.
මරණ 06 ක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,417 කි.
ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 45,658 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,726 ක් ලබා දී තිබේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (29) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 179 ක් වාර්තා වි තිබේ.
දැනට 160 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 26 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 03 ක් වාර්තා වි තිබේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 630 කි.
පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 62,166 ක් සිදු කර ඇත.