Search

අලුත් ප්‍රභේදයට මුහුණ දෙන්න අගමැති මොරිසන් කැඳවූ ජාතික කැබිනට් රැස්වීම අද

අගමැති ස්කොට් මොරිසන් විසින් අද දිනයේදී ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ Omicron ප්‍රභේදයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ඔස්ට්‍රේලියා දේශ සීමා විවෘත කිරීම දෙසැම්බර් 15 වනදා දක්වා කල් දැමීමට ඊයේ පැවති ජාතික ආරක්ෂක හමුවේදී තීරණය කෙරුණා.

පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍යයින් සඳහා දෙසැම්බර් 01 වනදා සිට සිය රටට පැමිණීමට අවස්ථාව ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබුණා.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවෙන් නව වෛරස් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන අවසන්.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව විසින් අප්‍රිකානු රටවල් 09 කට බලපැවැත්වෙන පරිදි සංචාරක තහනම් ද පණවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »