ඩෙල්ටා සහ ඔමික්‍රොන් අතර වෙනස ලෝක සෞඛ්‍ය සංවිධානය පහදයි

දැඩි විකෘතිතාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොවපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් ඇතැම් රටවලට ඉන් දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

 

මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 194ක් වන තම සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසය.

 

ඔමික්‍රොන් නව ප්‍රභේදයත් සමග සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කරන්නේ.

 

ඇතිවිය හැකි අවදානම් සහිත තත්ත්වයට මුහුණ දීම සඳහා ඉහළ අවදානම් කාණ්ඩයේ පසුවන පුද්ගලයින්ට එන්නත් ලබාදීම වේගවත් කරන  ලෙසත්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා වූ සැලසුම් ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා.

 

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග එහි හැසිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කිරීමට ඉදිරියේදී අවබෝධ කර ගත හැක්කේ ඉදිරියේදී ලැබෙන දත්ත අනුව බවයි එම සංවිධානය පවසන්නේ.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »