Breaking : ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කිරීම දෙසැම්බර් 15 දක්වා කල් යයි

නව කොවිඩ් වෛරසය හමුවේ මෙරට දේශ සීමා විවෘත කිරීම දෙසැම්බර් 15 වනදා දක්වා කල් දමා තිබේ.

අද පැවති ජාතික ආරක්ෂක හමුවේදී එම තීරණය ගෙන ඇත.

පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍යයින් සඳහා දෙසැම්බර් 01 වනදා සිට සිය රටට පැමිණීමට අවස්ථාව ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබුණි.

මේ වනවිට ඔස්ටේ්‍රලියාවෙන් නව වෛරස් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන අවසන්.

උද්ගතව ඇති තත්වය සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා විසින් අද හෝ හෙට දිනයේදී හදිසි ජාතික කැබිනට් රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

පවතින තත්වය සුලු කොට තැකිය නොහැකි බවයි අගමැති මොරිසන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව විසින් අප්‍රිකානු රටවල් 09 කට බලපැවැත්වෙන පරිදි සංචාරක තහනම් ද පණවා තිබෙනවා.

එමෙන්ම එක් එක් ප්‍රාන්ත විසින් නිරෝධායන කාලසීමාවන්ද ඉහළ දමා ඇත්තේ ඔමික්‍රොන් අවධානම හේතුවෙනුයි

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »