Search

සංචාරක සීමා කිරීම් පිළිබඳ වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන බව සෞඛ්‍ය ඇමති කියයි

සංචාරක සීමා කිරීම් පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය පරිදි ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

නව Omicron ප්‍රභේදයේ බලපෑම සමාලෝචනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ජාතික ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වනු ඇති.

ඉන් අනතුරුව ඉදිරි පැය 48 තුළ ජාතික කැබිනට් රැස්වීමක් ද පවත්වනු ඇත.

පවතින තත්වය සුලු කොට තැකිය නොහැකි බවයි අගමැති මොරිසන් පෙන්වා දෙන්නේ.

ලබන 01 වනදාට යෙදී ඇති දේශ සීමා විවෘත කිරීම, පවතින ඔමික්‍රෝන් වෛරස් අවධානම හමුවේ කල් දැමීමට සිදුවනු ඇති බවට අගමැති ස්කොට් මොරිසන් අනතුරු අගවනවා.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව විසින් අප්‍රිකානු රටවල් 09 කට බලපැවැත්වෙන පරිදි සංචාරක තහනම් ද පණවා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »