
මෙල්බර්න් නගරයේ මෑතකාලීනව පැවති විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයන් 19 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබේ.
ඉන් 16 දෙනෙකුම කිසිදු කොවිඩ් එන්නත් මාත්‍රාවක් නොගත් අය බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
දෙදෙනෙකු එක් මාත්‍රාවක් ගෙන ඇති අතර එක් අයෙකු මාත්‍රා 02 ම ලබාගෙන ඇති බව සඳහන්.

සංචරණ සීමා සහ එන්නත්කරණ අනිවාර්ය කිරීම්වලට විරෝධය පළකරමිනුයි සෑම සති අන්තයකම මෙල්බර්න් නගරයේ විරෝධතා පැවැත්වුණේ.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,007ක් හමුව ඇත.

මරණ 3ක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,501කි.