ඔමික්‍රොන් බවට සැක තවත් ආසාධිතයෙකු ගැන නිවු සවුත් වේල්ස් බළධාරීන් විමර්ශන අරඹයි

ඔමික්‍රොන් වෛරසය ආසාධිත වී ඇති බවට සැක කෙරෙන තවත් කොවිඩ් ආසාධිතයෙකු සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පළමුවෙන් හඳුනාගත් ආසාධිතයන් දෙදෙනා පැමිණි ගුවන් යානයේම මෙම තැනැත්තාද පැමිණ ඇති බවයි නිවු සවුත් වේල්ස් අගමැති Dominic Perrottet සඳහන් කලේ.

ගතවූ පැය 24 තුළදී සිඩ්නි වෙත පැමිණි ගුවන් යානා 05 ක ගුවන් මගීන් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රාන්ත අගමැතිවරයා කියාසිටියේ.

ඔස්ටේ්‍රලියාවෙන් හමුවූ පළමු ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනාද පැමිණ තිබුණේ සිඩ්නි ගුවන් තොටුපළ වෙතයි.

ඔවුන් මේ වනවිට විශේෂ ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

https://7news.com.au/lifestyle/health-wellbeing/two-omicron-cases-detected-in-canada-after-nsw-premier-flags-possible-third-case-in-new-south-wales-c-4738831

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »