ලබන 01 වනදාට යෙදී ඇති දේශ සීමා විවෘත කිරීම, පවතින ඔමික්‍රෝන් වෛරස් අවධානම හමුවේ කල් දැමීමට සිදුවනු ඇති බවට අගමැති ස්කොට් මොරිසන් අනතුරු අගවනවා.
මේ වනවිට ඔස්ටේ්‍රලියාවෙන් නව වෛරස් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනාගෙන අවසන්.
උද්ගතව ඇති තත්වය සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයා විසින් අද හෝ හෙට දිනයේදී හදිසි ජාතික කැබිනට් රැස්වීමක්ද කැඳවා තිබෙනවා.
පවතින තත්වය සුලු කොට තැකිය නොහැකි බවයි අගමැති මොරිසන් පෙන්වා දෙන්නේ.
මේ වනවිට ඔස්ටේ්‍රලියාව විසින් අප්‍රිකානු රටවල් 09 කට බලපැවැත්වෙන පරිදි සංචාරක තහනම් ද පණවා තිබෙනවා.
එමෙන්ම එක් එක් ප්‍රාන්ත විසින් නිරෝධායන කාලසීමාවන්ද ඉහළ දමා ඇත්තේ ඔමික්‍රොන් අවධානම හේතුවෙනුයි.