නව කොවිඩ් ප්‍රභේදය හමුවූ රටවල් ගණන 10 දක්වා ඉහළට

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වැඩිම විකෘතිතා ගණනකට ලක්වූ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වනවිට අප්‍රිකානු මහද්වීපයෙන් නොනැවතී යුරෝපා හා ඔස්ට්‍රේලියා මහද්වීප දක්වා රටවල් 10 ක පැතිර ගොස් තිබේ.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, හොංකොං, ඊශ්‍රායලය, බෙල්ජියම යන රටවලට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය හා ඔස්ට්‍රේලියාව එම ලැයිස්තුවට එක්වූ රටවල්ය.

දකුණු අප්‍රිකාවේ සිට ගුවන්යානා දෙකකින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණි පුද්ගලයින් 13 දෙනෙකුගෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හඳුනාගෙන තිබුණි.

මෙතෙක් යුරෝපීය රටකදී එකවර හඳුනාගත් වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාවද මෙය වෙයි.

එමෙන්ම පළමුවරට ඔස්ට්‍රේලියාවෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගැනුණු අතර එම ආසාදිතයන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි අය වීම විශේෂත්වයකි.

ඔමික්‍රෝන් ප්‍රභේදය දැනට ලොව නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන බව විශේෂඥයින් අනාවරණය කරමින් සිටී.

අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම් පවසන්නේ නව ප්‍රභේදය එන්නත මගින් ලබාදුන් ප්‍රතිශක්තිය අබිබවා යන්නේ නම්  දින 100ක් තුළ ඊට ඔරොත්තු දිය හැකි නව එන්නතක් නිපදවිය හැකි බවය.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »