Search

නව ප්‍රභේදය පැතිර ඇති රටවල්වලින් පැමිණි වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 40 දෙනෙකු ගැන විමර්ශන

ඔමික්‍රොන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ ඉහළ අවධානමකින් සමන්විත බව වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන වෛද්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් පවසනවා.

එන්නත්වල ප්‍රතිශක්තීකරණය අභිබවා යාමට මෙම වෛරසය සමත්වනු ඇතිද යන්න තහවුරු කර ගැනීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් අවධානයෙන් පසුවීම වඩාත් වැදගත් බවයි බ්‍රෙට් සට්න් අවධාරණය කරන්නේ.

මේ අතර දැනට ඔමික්‍රොන් වෛරසය පැතිර ඇති රටවල්වලින් ගතවූ දින කිහිපය තුළ ඔස්ටේ්‍රලියාවට පැමිණි වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 40 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මින් වැඩි පිරිසක් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද සඳහන්.

කෙසේවෙතත් මේ දක්වා ඔස්ටේ්‍රලියාවෙන් නව වෛරසය ආසාධිතයන් කිසිවෙකුත් නිල වශයෙන් තහවුරු කරගෙන නැහැ.

 

https://www.9news.com.au/national/likely-to-be-very-transmissable-victorian-cho-brett-sutton-concerned-about-omicron-strain-of-covid-19/917e0157-6f27-4fb1-8ded-1d14473e05a1

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »