Search

නිවු සවුත් වේල්ස් ප්‍රාදේශීය මැතිවරණයට ශ්‍රී ලාංකික තරුණියක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන නිවු සවුත් වේල්ස් ප්‍රාදේශීය මැතිවරණය සඳහා ශ්‍රී ලාංකික තරුණියකද ඉදිරිපත් වී සිටිනවා.

ජනනී ජනර්ථනා නම් ඇය 27 හැවිරිදි වියෙහි පසුවන අතර City of Ryde අසුන සඳහායි ඇය ඉදිරිපත් වන්නේ.

ඇයගේ මුත්තණුවන් මීට වසර ගණනාවකට පෙර එංගලන්තයට සංක්‍රමණය වී ඇති අතර පසුව ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන තිබෙනවා.

මෙවර මැතිවරණයේදී කම්කරු පක්ෂය නියෝජනය කරමිනුයි ජනනී ජනර්ථනා තරග වදිනු ලබන්නේ.

තමා ජයගතහොත් Ryde Council බල ප්‍රදේශයේ සිසුන් සහ සිවිල් සමාජයේ සුභසාධනය වෙනුවෙන් ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසනවා.

ජනනී ජනර්ථනා දැනට Sydney Policy Lab හි ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිළධාරිනියක ලෙසයි සේවය කරමින් සිටින්නේ.

SOURCE : https://www.abc.net.au/news/2021-11-28/push-for-diverse-candidates-in-nsw-local-elections/100604150

PIC – GOOGLE