Search

සිඩ්නි පැමිණි අප්‍රිකානු මගීන් 02 කට කොවිඩ් – ඔමික්‍රොන් බවට සැකයක්

ඔමික්‍රොන් වෛරසය ආසාධිත බවට සැක කෙරෙන මගීන් දෙදෙනෙකු සිඩ්නි ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනාට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හඳුනාගෙන ඇති අතර එය ඔමික්‍රොන් ප්‍රභේදයදැයි තහවුරු කරගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

අප්‍රිකානු රටවල් කිහිපයක මගීන් රැගෙන මෙම ගුවන් යානය සිඩ්නි ගුවන් තොටුපළට කටාර් සිට පැමිණ තිබුණේ ඊයේ රාත්‍රී 07 ට පමණයි.

ගුවන් තොටුපළේදී සිදුකල පරීක්ෂණවලින් ඔවුන් කොවිඩ් ආසාධිත බවට හඳුනාගෙන තිබෙනවා.

සෙසු මගීන් මේ වනවිට හුදකලා කර ඇති බවයි ඔස්ටේ්‍රලියා බළධාරීන් කියාසිටියේ.

දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 09 ක සිට ගුවන් මගීන් පැමිණීම ඊයේ සිට අත්හිටුවීමටද ඔස්ටේ්‍රලියාව කටයුතු කරනු ලැබුවා.

SOURCE : https://www.abc.net.au/news/2021-11-28/genomic-testing-omicron-covid-southern-africa-sydney/100656638?utm_medium=social&utm_content=sf251557673&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf251557673=1&fbclid=IwAR0Il3ZBCJ-VKbXSvYLDJ-M7NrDDXrZV5ZNhUYniWfk27mhoIAcDLyyKBCI

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »