Search

ඊයේ වික්ටෝරියා ආසාධිතයන් 1,061 ක් / නිවු සවුත් වේල්ස් 185 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,061 ක් හමුව ඇත.

මරණ  04 ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,331 කි.

ඊයේ දිනයේදී (27) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 52,930 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,358 ක් ලබා දී තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (27) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 185 ක් වාර්තා වි තිබේ.

දැනට 165 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 24 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ වාර්තා වි නොමැත.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 627 කි.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 54,150 ක් සිදු කර ඇත.

 

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »