ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසකට ජල ගැලීම් අනතුරු ඇගවීම් නිවේදන

ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට බල පැවැත්වෙන පරිදි දරුණු ජල ගැලීම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ පසුගිය පැය 24 තුළ එම ප්‍රාන්ත දෙකෙහි ප්‍රදේශ ගණනාවකට මිලිමීටර් 180 ඉක්මවූ ධාරාණිපාත වැසි ඇද හැලීමත් සමගයි.

මේ අතර  Gregory Highway ආසන්නයේදී ජල ගැලීමකට හසුවූ මෝටර් රථයක සිර වී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

Logan සහ Albert ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටද කාළගුණ අංශ විසින් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ගතවූ පැය 24 තුළදී ආධාර ඉල්ලා ඇමතුම් 600 ක් පමණ ලැබුණු බවයි නිවු සවුත් වේල්ස් බළධාරීන් කියාසිටියේ.

https://twitter.com/BOM_NSW/status/1464279733659648002?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1464279733659648002%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Fweather%2Fsevere-weather%2Fqueensland-nsw-issued-with-major-flood-warnings-as-heavy-rain-continues-to-fall-c-4721545

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »