සියලු රටවල සිට ඔස්ටේ්‍රලියාවට එන සියල්ලන්ට අද සිට නව නීති

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත කිහිපයක් රටට පැමිණෙන පුද්ගලයන් සඳහා නව නිරෝධායන නීති පණවා තිබේ.

ඒ අනුව නිවු සවුත් වේල්ස් – ACT සහ වික්ටෝරියා ප්‍රාන්ත වෙත පැමිණෙන්නන් පැමිණි වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී පැය 72 ක් හුදකලාව සිටිය යුතු වනවා.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් ඊට වඩා දැඩි නීති මාලාවක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ඇඩිලේඩ් වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන් මගීන් පමණක් නොව ඔස්ටේ්‍රලියාවේ අවධානම් ස්ථානවල සිට දකුණු ඔස්ටේ්‍රලියාව වෙත පැමිණෙන පුද්ගලයන් දින 14 ක් නිරෝධායනය විය යුතුය.

අඩු අවධානම් සිට පැමිණෙන පුද්ගලයන් පැය 72 කට පෙර ලබාගත් සෘණාත්මක කොවිඩ් වාර්තාවක් ඉදිරිපත් කිරීමද අනිවාර්ය බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

ප්‍රාන්තයට පැමිණිමෙන් පසු කොවිඩ් පරීක්ෂණයකට මුහුණ දීම ඒ යටතේ ඉවත් කර තිබේ.

එන්නත්කරණයට ලක් නොවූ ඕනෑම අයෙකු දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂා කරයි නම් ඒ සඳහා Exemption එකක් ඉල්ලා සිටිය යුතුය.

දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 09 ක සිට පැමිණෙන ගුවන් මගීන්ට රටට ඇතුලුවීමට අවසර නොදීමට ඔස්ටේ්‍රලියාව ඊයේ තීරණය කලේය.

එම රටවල සිට ඔස්ටේ‍රලියානු පුරවැසියන් – ස්ථිර පදිංචිලාභීන්ට පැමිණිය හැකි නමුත් දින 14 ක් නිරෝධායනය විය යුතු වනවා.

source : https://www.9news.com.au/national/coronavirus-nsw-update-overseas-arrivals-travelling-into-nsw-from-midnight-must-isolate-for-72-hours-from-november-28/48944d8e-960c-4028-912c-eaca40fa3ef0

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »