ගෝල්ඩ් කෝස්ට් හි නිවාස සහ ඒකක (unit) වල කුළී ගාස්තු සිඩ්නි නගරයද අභිබවා ගොස් තිබෙනවා.
ඒ අනුව ඒකකවල කුළී ගාස්තු සියයට 20.2 කින්ද නිවාස කුළී ගාස්තු සියයට 27 කින්ද පසුගිය සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සඳහන්.
ගෝල්ඩ් කෝස්ට් හි unit එකක් සඳහා මෙම සතියේදී කුළිය ඩොලර් 530 ක් ලෙස පැවති අතර සිඩ්නි හි එය සටහන් වන්නේ ඩොලර් 473 ක් ලෙසයි.
ගෝල්ඩ් කෝස්ට් නගරයේ නිවසක් සඳහා මෙම සතියේදී සාමාන්‍ය කුළිය ඩොලර් 770 ක් ලෙස පවතින අතර සිඩ්නි හි සාමාන්‍ය අගය ඩොලර් 722 ක්.
ඉදිරියේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සීමා විවෘත කිරීමත් සමග ගෝල්ඩ් කෝස්ට් සහ බ්‍රිස්බන් නිවාස මිළ ගණන් තවත් ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.