වික්ටෝරියා පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහන් තබමින් අගමැති ස්කොට් මොරිසන් මෙන්ම ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ද සුභ පතා තිබෙනවා.

සැලසුම් කල දිනයට දින 04 කට පෙරයි වික්ටෝරියා ප්‍රාන්තය විසින් මෙම කඩඉම ජයගෙන ඇත්තේ.

ලොව වැඩිම කාලයක් ලොක්ඩවුන් කර තිබූ නගරය ලෙසටද මෙල්බන් නගරයයි සැළකෙන්නේ.

එවැනි දැඩි වාතාවරණයක් හමුවේ මෙම අභියෝගය ජය ගැනීම ප්‍රශංසනීය බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලා.

අද වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ භාවිත කර ඇති මුලු කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 48 ඉක්මවා ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »