Breaking: ඔස්ටේ්‍රලියා ශිෂ්‍ය වීසා වෙනස්කම් කිහිපයක් / Masters හැදෑරූවන්ගේ TR වීසා කාලය වසර 03 දක්වා ඉහළට

ජාත්‍යන්තර සිසුන් නැවතත් ඔසටේ්‍රලියාවට ගෙන්වා ගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ෆෙඩරල් රජය අද තවත් පියවර රැසක් හඳුන්වා දුන්නා.

වීසා බලපත් සම්බන්ධ වෙනස්කම් කිහිපයක්ම ඊට අයත්.

දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින සිටින 485 කාණ්ඩයේ වීසා බලපත් හිමියන්ට එනම් Temporary Graduate visa ලාභීන්ට දැනට ඔවුන්ගේ කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත වීසා බලපත් සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව උදාවනවා.

2020 වසරේ පෙබරවාරි 01 වනදායින් පසු වීසා කාලය කල් ඉකුත්වූ සිසුන්ට එය බලාත්මකයි.

කොවිඩ් හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරට ගිය අවස්ථාවේදී 485 වීසා බලපත්‍රය කල් ඉක්මවා ගිය පුද්ගලයන්ට නැවතත් ඒ සඳහා අයදුම් කිරීමටයි මෙහිදී අවස්ථාව පවතින්නේ.

485 කාණ්ඩයේ වීසා බලපත් ලාභීන් 31,000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ අත්වනු ඇති බව සඳහන්.

Masters හදාරන ලද ජාත්‍යන්තර සිසුන් සඳහා වන Temporary Graduate visa බලපත්‍රයේ කාලය වසර 02 සිට 03 දක්වා ඉහළ දැමීම මේ අතර වනවා.

VET පාඨමාලා හදාරන ලද සිසුන්ට ලබාදෙන TR බලපත්‍රයෙ කාලය වසර 02 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම අධ්‍ය්‍යන අයාතන සඳහා රජය විසින් සපයනු ලබන මූල්‍යාධාර ප්‍රමාණය වැඩි කිරීමටද යෝජනා කර තිබෙනවා.

ඒ යටතේ ඩොලර් මිලියන 27.8 ක වටිනාකමකට අදාළව ඇතැම් පාඨමාලා සඳහා ගාස්තු අඩු කෙරෙනු ඇති.

උසස් අධ්‍යාපනය හදාරන සිසුන් 30,000 කට සහනයක් සැළසෙන පරිදි දැනට ක්‍රියාත්මක ණය වැඩපිළිවෙල ලබන වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

https://ministers.dese.gov.au/tudge/further-support-international-education-sector-and-international-students?fbclid=IwAR2bZEmW4AyKEJHyTerChrJyLNFNo7DdmENPp5bXATIdF1tMdzAACFcR8Bc

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »