Search

485 කාණ්ඩයේ වීසා බලපත් හිමියන්ට සුභ ආරංචියක්

දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින සිටින 485 කාණ්ඩයේ වීසා බලපත් හිමියන්ට එනම් Temporary Graduate visa ලාභීන්ට ඉතාම නුදුරේදී සුභ ආරංචියක් අසන්නට ලැබෙන ළකුණු පළවී තිබෙනවා.

එනම් දැනට ඔවුන්ගේ කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත වීසා බලපත් සඳහා නැවත අයදුම් කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා පළවීමයි.

රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ස්කයි නිව්ස් වෙබ් අඩවියයි එය වාර්තා කලේ.

කොවිඩ් හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරට ගිය අවස්ථාවේදී 485 වීසා බලපත්‍රය කල් ඉක්මවා ගිය පුද්ගලයන්ට නැවතත් ඒ සඳහා අයදුම් කිරීමටයි මෙහිදී අවස්ථාව පවතින්නේ.

485 කාණ්ඩයේ වීසා බලපත් ලාභීන් 31,000 කට පමණ මෙමගින් ප්‍රතිලාභ අත්වනු ඇති බව සඳහන්.

ලබන පළමුවනදා සිට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවන වීසා කාණ්ඩ 28 අතරට 485 Temporary Graduate visa වීසා කාණ්ඩයද අයත් වනවා.

source : https://www.skynews.com.au/australia-news/coronavirus/replacement-485-visas-to-be-made-available/video/a7af3635a4212486f8aa5c2bcdcfd2c9?fbclid=IwAR3bTtMkPHqcg5ES01Dj9f_MKiFOc1uyHFHA91oMBzz11X3VIsPmQlzIdbI

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »