Search

ක්වීන්ස්ලන්ඩ් පැමිණිමේදී අයකල PCR ගාස්තුව ඉවතට

ලබන මාසයේදී ප්‍රාන්ත සීමා විවෘත කිරීමත් සමග අධි අවධානම් කොවිඩ් කලාපවල සිට පැමිණෙන පුද්ගලයන් පී සී ආර් පරීක්ෂණ සඳහා ඩොලර් 150 ක මුදලක් ගෙවිය යුතු නොමැති බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

ප්‍රාන්ත අගමැතිනිය දන්වා සිටින්නේ අදාළ පරීක්ෂණ සඳහා වැයවන මුදල දැරීමට ෆෙඩරල් රජය එකග වී ඇති බවයි.

ඒ අනුව ප්‍රාන්ත රජය සහ මධ්‍යම රජය විසින් සමසේ අදාළ වියදම දරනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය පවසන්නේ නත්තල සැමරීම වෙනුවෙන් පැමිණෙන කිසිවෙකුටත් මෙමගින් අමතර පී සී ආර් ගාස්තුවක් දැරීමට සිදුනොවන බවයි.

ලබන මාසයේදී ප්‍රාන්ත සීමා විවෘත කරන විට එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවා යනු ඇති බවටද අනාවැකි පළවනවා.

SOURCE : https://7news.com.au/news/qld/travellers-no-longer-required-to-pay-150-for-covid-test-when-queensland-borders-reopen-c-4672766

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »