Search

පාසල් නිවාඩු සමයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා ප්‍රවාහන කටයුතුවලදී ප්‍රමාදයන් සහ බාධා

ඉදිරි පාසල් නිවාඩු සමයේදී සහ ග්‍රීෂ්ම සෘතුවේදී (Summer) වික්ටෝරියා ප්‍රාන්තය පුරා ප්‍රවාහන කටයුතුවලදී ප්‍රමාදයන් සහ බාධා ඇතිවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.

ඒ ප්‍රධාන මාර්ග 04 ක – දුම්රිය මාර්ග 10 ක සහ ට්‍රෑම් මාර්ග 07 ක නඩත්තු කටයුතු සිදුකිරීම හේතුවෙනුයි.

West Gate, Citylink සහ Monash freeway ද මේ අතර වන බවයි වික්ටෝරියා ප්‍රවාහන අංශ සඳහන් කලේ.

බොහෝ විට පැයකට ආසන්න කාලයක ප්‍රමාදයන් ඇතිවිය හැකියි.

ලබන දෙසැම්බර් 26 වනදා සිට ජනවාරි 04 දක්වා West Gate පාලමේ පිටවන මංතීරු 05 න් 03 ක්ම වසා දැමෙනු ඇති.

අනතුරුව ජනවාරි 11 වනදා සිට නැවතත් West Gate පාලමේ පුලුල් කිරීම් කටයුතු ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා.

source : https://www.9news.com.au/national/construction-work-to-cause-delays-for-travel-around-victoria-this-summer-on-west-gate-bridge-monash-freeway/80f2a6ff-d3f4-47da-85d0-6b3040539c2d

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »