ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ ප්‍රතිශත අගයන් ලොව සෙසු රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමකට පැමිණෙමින් සිටිනවා.
පසුගිය ජූනි මාසය වනවිට ඔස්ටේ්‍රලියාව පහළම අගයක පසුවූ අතර එවක ඉහළින්ම සිටි ජර්මනිය – මහා බි්‍රතාන්‍යය – ඊශ්‍රායලය සහ අමෙරිකාව යන රටවල් හා සැසඳීමේදී මේ වනවිට ඉහළ මට්ටමකට ළගා වී සිටී.
ලොව පුරා එන්නත්කරණ ප්‍රතිශතයන් නිරීක්ෂණය කරන Our World in Data වෙබ් අඩවියට අනුව මේ වනවිට ඔස්ටේ්‍රලියාවට ඉහළින් සිටින්නේ ඉතාලිය – දකුණු කොරියාව – කැනඩාව – පෘතුගාලය සහ චිලී රාජ්‍යයන් ඇතුලු රටවල් කිහිපයක් පමණයි.
අද වනවිට ඔස්ටේ්‍රලියාවේ පළමු මාත්‍රාව ගත් ප්‍රතිශතය සියයට 92 ක් වන අතර පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 85 ක් ලෙසයි.