දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා හරහා එන්න 43,000 ක් අයදුම් කරයි

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ACT සංචාරකයින් සඳහා නිරෝධායනයකින් තොරව සංචාරය කිරීමට දකුණු ඕස්ට්‍රේලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරයි.

පසුගිය සිකුරාදා පස්වරුවේ සිට සංචාරකයින් 43,000 ක් මේ සඳහා අයදුම් කර ඇත.

80% ට වඩා අඩු කොවිඩ් එන්නත් අනුපාතයක් සහ තවමත් කොවිඩ් වයිරසය ප්‍රජා සම්ප්‍රේෂණය වීමක් ඇති නගර සභා කලාපවලින් දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට තවමත් නිරෝධායනය වීම අවශ්‍යවේ.

ක්වීන්ස්ලන්තය 90% එන්නත් කිරීමේ ඉලක්කය සපුරා ගන්නා තෙක් සිඩ්නි වෙත කෙරෙන ඉක්මන් සංචාර ප්‍රශ්නයක් නොවේ යයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 19 ක් වාර්තා වේ.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »