ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් අඩුවන දිනය ගැන ඉගියක්

2023 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් සියයට 10 කින් පමණ පහළයනු ඇති බවට නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

ඒ වනවිට පොළී අනුපාත සියයට 1.25 දක්වා පමණ ඉහළ ගොස් තිබිය හැකි බවටයි කොමන්වෙල්ත් බැංකුව විසින් සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.

2022 වසරේ මුල් භාගය තුළදී ඔසටේ්‍රලියාවේ නිවාස වෙළඳපොළ නොවෙනස්ව පවතිනු ඇති බව සඳහන්.

ලබන වසරේ නොවැම්බර් මාසය වනවිට ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව (Reserve Bank of Australia) විසින් පොළී අනුපාත ඉහළ දමනු ඇති බවටද මෙමගින් අනාවැකි පළකර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ අගභාගය වනවිට ඔස්ටේ්‍රලියානු නිවාස මිළ ගණන් ඉහළම අගයට පත්වනු ඇති බවද අනතුරුව ක්‍රමයෙන් අඩුවීම ආරම්භ වනු ඇති බවද සඳහන්.

source : https://www.9news.com.au/national/australia-property-prices-to-fall-10-per-cent-in-2023-as-interest-rates-soar/8f7c4b11-4efb-4d2c-b0e4-2244d5da8a5d

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »