Search

ඔස්ටේ්‍රලියාව තුළ සිටින ආසියානුවන් ඉලක්ක කරගත් වීසා ජාවාරමක්

ඔස්ටේ්‍රලියාව තුළ වීසා බලපත් ලබාදීම සම්බන්ධ ජාවාරම්වල ඉහළ යාමක් දක්නට ඇතැයි අනාවරණය වී තිබෙනවා.

විශේෂයෙන් ප්‍රතික්ෂේප වූ වීසා ඉල්ලුම්පත් සඳහා ඒවා ලබාදිය හැකි බව පවසමින් මුදල් ගසාකෑම් වැඩිවී ඇති බවයි හෙළිවී ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව තුළ දැනට වාසය කරන ඉංග්‍රීසී භාෂාව සිය මව් භාෂාව නොවන ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන් මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවයි ගවේෂණයකදී අනාවරණය වූයේ.

වීසා බලපත් ලබාදිය හැකි බව පවසමින් ඔවුන්ගේ භාෂා කථාකරන පුද්ගලයන් විසින් ඊ-මේල් ලිපින / ගුවන් බලපත්‍ර තොරතුරු ඇතුලු පුද්ගලික තොරතුරු ලබාගෙන මුදල් ජාවාරම් කිරීම මෙහිදී සිදුවනවා.

ඇතැමුන්ගෙන් ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් පවා ජාවාරම්කරුවන් විසින් කොල්ලකා ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ වාර්ෂිකව මෙවැනි සිදුවීම් 500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවයි.

එබැවින් නිරතුරුව ලියාපදිංචි සංක්‍රමණ උපදේශන සේවාවන්ගෙන් පමණක් උපදෙස් ලබාගන්නා ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

SOURCE : https://www.abc.net.au/news/2021-11-23/how-to-avoid-visa-scams-and-immigration-fraud-in-australia/100635430?utm_medium=social&utm_content=sf251439045&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf251439045=1&fbclid=IwAR3PazEpbVYIpv1Px7tIE4f8zdkpX-EFsyvmQMev3I_9mxvPHcRdFGVVgZU