මෙල්බන් St Helen හිදී පාර මරුවෙමින් සිටි පුද්ගලයෙකු යටකර පළාගිය රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අද අලුයම 02.50 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්රකාශ කලේ.
අනතුරට මුහුණදුන් පුද්ගලයා එම ස්ථානයේදීම මියගියා.
අනතුර සිදුකිරීමෙන් පසු සැකකාර රියදුරා අදාළ ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.
සැකකරු හෝ මෝටර් රථය මේ දක්වා හඳුනාගෙන නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ක්රියාත්මකයි.
PIC – 9NEWS