කොවිඩ් එන්නත්කරණයට ලක් නොවූවන්ට Northern Territory වෙත ඇතුලුවීම තහණම් කර තිබෙනවා.
ඒ ස්වදේශික කණ්ඩායම් අතර කොවිඩ් වෛරසය පැතිරයාම වළක්වාලීම සඳහායි.
මේ වනවිටත් කැතරින් ප්‍රදේශය ඇතුලු තදාසන්න කලාප කිහිපයක් ලොක්ඩවුන් කර ඇති අතර ස්වදේශික ජනයාට සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස දන්වා තිබෙනවා.
රතු කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවලින් Northern Territory පැමිණෙන සියල්ලන් දින 07 ක් නිරෝධායනයට ලක්විය යුතුයි.
Northern Territory වෙත කොවිඩ් වෛරසය රැගෙන ආ බවට වාර්තා වන්නේ වික්ටෝරියා සිට පැමිණි 21 හැවිරිදි තරුණියකගෙන් බවටයි හෙළිවන්නේ.
ඇය කෙයාර්න්ස් සිට ඩාර්වින් දක්වා ඇතුලුවී තිබුණේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් බවටද අනාවරණය වී තිබෙනවා.
PIC – Credit: AARON BUNCH/AAPIMAGE